Monday, January 20, 2014


ආදරණීය මැඩම්(මනූගේ කථාව )

ආදරණීය මැඩම්(මනූගේ කථාව ) යනු මාගේ හිතුවක් කාර ප්‍රකාශනයකි.මට සි0හල බස සහ සාහිත්‍ය පිලිබද පුලුල් දැනුමක් නැත.නමුත් මා අකුරු දැන සිටියේය.අත්දැකීම් අනේක වාරයක් විද තිබ්බේය.පණ දීමට සිටි මනක්කල්පිත නාමයන් වලට හුස්ම පිම්බේය.මනූව මා කැදවාගෙන ගියේවැඩිමහල් ගැහැණියක් ලගටය..පුපුරා ගිය වාන් දමන සගවා ගත් හැගීම් ගොන්නක පැටලී සිටි එම ගැහැණිය මනූව පිලිගත්තේ අවසන් වරටය..මා පොත ගුණ ලිවීමටවත් ව්‍යාකරණ නිවරදි කිරීමටවත් කිසිවෙකුට දුන්නේ නැත..අත් පිටපත ලගම මිතුරන් කිහිපදෙනෙක් කියෙව්වා පමණි..''මචන් මේකෙ ව්‍යාකරණ වැරදි''කියූ කල මා පිලිගත්තේ නැත..හදවතටත් අකුරු වලටත් ඉඩ දුන්නා පමණි..සපුණි අක්කා නාමය දුන් ගැහැණිය මට ලගදි මුණ ගැසුනි ඇය පොත කියවා තිබුණාය...''මල්ලි මන් උඹට රුපියල් දාහක් දෙන්නම් යමන් මාත් එක්ක නිදා ගමු උඹ මන් ගැන ලියලා තිබ්බා''ඒ සම්මානය මා මරා දැම්මේය.කලුවා පරා සහ මුස්ලිම් මිතුරා තවමත් මා සමග යහපත් ඇසුරේය.තවමත් ඔවුන් මගේ පොතේ චරිත බව නොදන් නේය.''ආත්මයක් වෙතොත් ප්‍රේමයේ සිතුවිලි බන්ධනයෙන් මිදුනු සිතුවිලි නැති හිස් මනොභාවයකින් මා ඉපදේවා රටාවක් නැති ජීවිතයක් තුල ගෙවා දැමීමක් පමණක් කරන්ට..''මන් තවමත් අත්දැකීම් අකුරු කරන තුෂාර ගල්ලැස්සගේ......

ස්තූතියි

නුඹලාගෙන් මා කිසි කලෙක අත් පුඩි ඉල්ලුවේ නැත.....නුඹලාගේ දුක සතුට මගේ මගේ නිර්මාණයන්හි පන්නරයයි...මා යලි යලි කියවන්නේ මා තුල නිදා ගත් නුඹලාගේ හැගීම් පමණයි....ඉතින් මට රසිකයො නැත.......අසරණයි අතීතය සිහිවෙනකොට..මන් කොහිද අද..නාකි වුනත් මන් අවදියෙන් යැයි මා දනිමි..ස්තූතියි මා ඇවිස්සූ ඇවිලූ නුඹලාට දහස් වාරයක්...

නුඹට පෙම් කලෙමි

අඛන්ඩව මා නුඹට පෙම් කලෙමි...නුඹ ලගින් හුල0 හමා එන දිශාවට මම පන්තියේ සෑම දිනම ඉද ගත්තෙමි...ගුරුතුමා මට ඉගැන් නූ දෙයක් නැත...මා නුඹෙන් ජීවත් වීම ඉගෙන ගත්තා පමණකි..ප0තියෙත් ඉන් පීටතත් නුඹේ විසේ කාර අ0ග චලන මා මරා දැම්මේය..මේ සුවිසල් ප0ති ශාලාව මට නුඹත් මා පමණක් තනි වී සිටින කුටීරයක් කාමරයක් බවට සෑම දිනම මැවී පෙනෙන්නට විය....විවේකයේදී නුඹ පිටව ගිය පසු කාටත් හොරා මා නුඹ ඉදන් සිටි බ0කුව වෙත පැමිණ නුඹ ඉදන් උන් තැන ඉදගෙන ආත්මයෙන්ම නුඹේ ස්පර්ශය ලද බ0කුව ඉබගෙන ඉබගෙන ගියේය...මට බ0කුවේ ලීයේ සුවදත් නුඹගේ ජීවන සුවදත් එහිදී වෙන් කර හදුනා ගත හැකි වූයෙමි..දිනක් නුඹ ඉර එලිය වැටී තිබෙන දිශාවෙන් ප0තියට ඇතුල් වන විට නුඹේ මට සිලිටු ගවුම් පොඩියෙන් නුඹේ යටිකයේ චායාව හොදාකාරව මා දුටිමි...එදින සිතින් මා නුඹ සමග පන්තිය තුල සැතපුනෙමි...''
__________________________________________________________________________________මේ කියෙව්වේ මගේ මල්ලිගෙ පොතක සටහනක්..අද මල්ලී අ0ගොඩ වාට්ටුවක..මල්ලී දරුණු විදියට ගෑණු ලමයෙක්ට ආදරේ කරලා..අනිත් සටහන් කියවලා ලියන්ට තරම් මගේ හිතට හයියක් නෑ..මල්ලි ඒ ලෙවල් විභාගේ දවසෙත් ඉස්කොලෙ නොගිහින් ක්ලාස් එකට ගිහින් ඒ ළමයාව බලන්ට කියලා..ඒ තරන් අසීහෙන් ඒ ළමයව හොයලා..හැබයි මල්ලී කොතනකවත් ඒ ළමයගේ නම සටහන් කරලා නෑ......

Saturday, October 20, 2012

හොරු........හොයනවා.....හොරකන් කරන්ට...
දැහැමියො.....හොයනවා.....නිවන් යන්ට......
බේබද්දො....හොයනවා.....මත් වෙන්ට....
වැද්දො.......හොයනවා....මස් කන්ට......
රස්තියාදුකාරයො...........හොයනවා.....ඇවිදින්ට.....
මම ..... හොයනවා.... මාව.....
මාව ප්‍රතික්ෂේප කර........රැකියා ඇබෑර්තු...හහ් හා...යකො මම ආය තොපි හොයන් එන් නෑ...පපුවේ මනුස්සකමේ සහතිකය තියාන අනිත් හැම සහතිකයක්ම ගොල්ෆේස් හොල්ට් එකෙන් බැහැලා ඉරලා මුහුදට විහික් කරා.....මට මාර නිදහසක් දැනෙනව ඔයි.....
මම කපුටොන් ගෙන් ඉගෙන ගන්නවා...කපුටො හුලගට පාවෙලා යනවා...හැබැයි ඉබාගාතේ නෙවෙයි...බඩේ කුණු පුරවන් හිතේ හය්යට පියාඹනවා...මමත් දැන් එහෙමයි......

මගෙ සිරුර පුච්චන්ට මගෙ අම්මේ......

ඔහේ පීදෙන වල් වැවී ගිය නිසල පොලොවේ.....
මගේ සිරුර වලලන් නෙපා අම්මේ....
ඔහේ ජීවිතේ ගෙවා දැමු නිසයි....
මා මෙසේ මිය ඇදුනේ...
දර දෙබෑ කර අහසට නැගෙනා...
මහා ගින්නක මගේ සිරුර අලු කරන්න...
ඉඩ දෙන්න මගෙ අම්මේ....
දැවෙද්දිත් මට රිදුම් නොදැනෙයි.....
අරුමයක් නෙවෙයි අම්මේ.....
මෙතුවක් කල් මා සිතින් දැවුනා....

ඒක නොදෙවෙනියි ඒ ගින්දරට අම්මේ......
මරණයට බිය මුත් ගින්දරට බය නෑ....
මා ඉහිලුවා ගින්දර ගොඩක් අම්මේ.....
අලු වෙන්න ඉඩදෙන්න....
මගෙ සිරුර පුච්චන්ට මගෙ අම්මේ......
අරක්කුයි සිගරට් අලුයි මාව මාර ලොකෙකට අරන් ගියා පැටියො.....උඹට පට්ට ජරා ගෑණි කියලා බනින්ට ඒ වෙරිමතේවත් ඉඩ දෙන් නෑ.......අඩු ගානේ උඹට බනින්ටවත් මට මන් ගාව අයිතියක් නෑ යකො....

අම්මලා අමරණිය වේවා......

පොලොව මොටද අම්මා වරු දරන් ඉන්නකොට.....
අහස මොටද අම්මා වරු බලන් ඉන්නකොට.....
මුහුද මොටද අම්මා වරු කදුලු හලනකොට......
අපි මොටද අම්මා වරු ලොකයෙ නැති කොට......
හැර යාම හැර....
ගල් වීම..
නැවතීම...
ස්ථාවර වීම....
මරණය..

යා යුතුයි

ඇත්තටම මම යන්ට ඔන....මන් යා යුතුයි....එක මගේ යුතුකම...ඔක්කොටම ආරම්භය මතක් කරන්ට මගේ අවසානයට....ඔක්කොටම අවසානය මතක් කරන්ට මගෙ ආරම්භයට...හෙට දවසට ඇත්තේ එතිලා දිග ඇරගන්ට අමාරු පැය විසිහතරක් මිනිත්තු තප්පර වලින්....අවුල් උන ඒවා අමාරුවෙන් දිග ඇරෙනවා තප්පර මිනිත්තු පැය හැටියට..... අපිට..... අවුල් වෙච්ච දවස් එක් කරන්ට.....ආරම්භය අවසානය දන් නැති පිස්සු කෙලින ඔරලොසු කටු....මන් දන්නෙත් නෑ බන් ඔය වගේ....හරි විකාරයි ජීවිතත්...එක නිසා මන් යනවා මතක් කරන්ට...එක මගේ යුතුකම....දවසක මුන ගැහෙමු...
ජීවිතේ...

පින්නට පෙගෙන....

සායම් බොදවෙන....

චිත්‍රරයක්......

කාලය ගෙවෙන.....

කය දිරායන......

ජීවිතේ චිත්‍රයක්.....
හිමි කම් හිමි වන දා....
මිනිසත් කම් මිය යනවා....
වහසි බස් වැහි අස්සේ...
සත්තු ඇවිදිනවා....
අතුරුදහන් වන මිනිස්සු...
ගෙවල් වල නැති මිනිස්සු....
ආගමේ නැති මිනිස්සු....
හීන හිමි වන සත්තු.....

Saturday, September 29, 2012

අරමුණු තියෙන්නේ මිනිස්සුන්ගෙන් ගොඩක් ඈත කලුවරක හැන්ගිලා....නිවි නිවී දැල්වෙන හිතේ හයිය....යාන්තමට හරි අරමුණ ලගට යන්ට එලිය දෙයි....
ලොකේ පිරිසිදු වෙන්ට උඹ හුස්ම ගනින් රන්කද....හදන්ට බැරි වැරැද්දක් උනා නම් සමාවෙයන්.....මට ගොඩක් මහන්සියි.... උඹ ගැන හිතලා නෙවෙයි....උඹේ හිතේ එල්ලලා ගිය බලාපොරොත්තු උස්සන් ඉදලා.....හිතේ කරගැට දාලා පුපුරනකන් එල්ලන් ඉන්නවා....මොකද උඹ කීවේ උඹේ ජීවිතේ දිවුරලා.....ඒ බලාපොරොත්තුව ඉස්ට කරලා පලයන් රන්කද.....

ලොකයේ නරක

සපුනි අක්කා වේස ගෑණියෙක් උනේ,කලුවා දාමරිකයෙක් උනේ,හුසේන් උරු මස් කෑවේ,දිසා ගන්ජා කුඩු ගැහුවේ,මාලන් බඩු ගැහුවේ,ප්‍රභා ගෑණි විකුණලා සල්ලි කරේ....මිනිසුනේ නුඹලට සමාජ ගත වෙන්ටයි....හොද මිනිස්සු වෙන්ටයි....උන් මේ සමාජ භූමියෙන් ඉවත් වෙන දාට හොද කියල දෙයක් නැති වෙනවා....ලොකයේ නරක තිබෙන තාක්කල් උඹලට හොද නම් ගත හැකි.......
රැයක් නැති මිනිසා.....
හුස්ම ගන්නවා ඇහෙනවා....
යා බද නගරයටත්.....
සොල්දාදු පෙලපාලි හඩ....
ඇහෙනවා පපුවෙන්....
උරුම නැති ප්‍රර්ථනා...
හුස්ම උඩ ඇවිදිනවා....
කදුලු උණු යකඩ දිය....
හන්ගනවා ඇස් යට....
හීන හිතුවක්කාර වෙලා....

ඇයගෙ නිරුවත මවනවා....
උමතුවෙන් ඔහු රැය පුරා....
මිදුනු ශුක්‍රානු දිය කරනවා.....
පැන යාමක් නොමැත....ජීවිතයට මුහුන දීම අත්‍යාවශම දෙයකි...ජීවිතයේ උදාව හෙවත් උපත මරණීය පරිත්‍යාගයක් ලෙස දැණෙමි....මා මේ කැදවාගෙන යන්නේ ජීවිතය වරදවා ගත් මා වැරදි කරුවෙකු සේ හම්වඩු ගැසීමට කැදවාගෙන යන කම්හලට යැයි මට සිතේ....නීතිය නම් අච්චුව හොදාකාරව රත් කර අපරාධ කරුවෙකුයැයි මගේ ආත්මයේ පච්චයක් තැබීමට දැන් අධිකරණය සුදානම් වනවා නිසැකය....මම මගේ ආත්මයටම බිය වී ඇත...
ස0ස්කෘතික කාමුකත්වය...
මුහුදු තීරයේ ජ0ගි කොටන් ගසාගෙන වැලි වලට සැප දී නිදා උන් සුද්දියන් සමූහයක් දුටිමි....සමහරෙක් කුක්කු ප්‍රසිද්ධියේ පෙන්වා හුන්නේය...මෙය හුදෙක්ම තවත් දැක්මක් පමණක් විය...ගැහැනියක් ගේ නග්න දේහය මවා ගැනීමක් කිරීමට තරම් සුද්දන්ට බුද්ධියක් සැපයීමට එම කතුන් ඉඩ දී නැත...මස් කඩ වැනිය...මෙලො රහක් නැත...කලාවක්ද උපදින්නේ නැත...බටහිර ලොකයේ සම්භාව්‍ය ගැහැණියද මෙවැනිමය.....මා කථා කරන්නේ ල0කා

ව තුල ජීවත් වන ගැහැණිය සහ ඔවුන් ඉස්මතු කරන ස0ස්කෘතික කාමුකත්වය ගැනයි...උදාහරණයක් ලෙස සිරුර පුරා ඔතා ගත් සාරිය විටෙක බෙල්ල වටා පියයුරු වලට ඉහලින් කලාත්මකව ප්‍රදර්ශනය කර ''තොපි මාගේ පියයුරු මවා ගනියව්''යන නිරික්සනයට අප යොමුකරයි..අනෙක් පසින් ඉන වටා පෙන්වා ''තොපි මාගේ යටි කය මවා ගනියව්''යන නිරීක්සනයට අප යොමු කරයි...යම් කලෙක ඇයගේ නියපොත්තකින් පවා ආශ්වාදයක් ලැබීමට අප පෙලඹෙයි....මස් කඩ වෙනුවට මැවෙන්නේ දෙගිඩියාව සහ කලාවයි...මෙය විකෘතියක් නොව....මෙය නපුන්සකයෙක් නොවන ඔනම පුද්ගලයෙක්ගේ ක්‍රියාවක්...ස0ස්කෘතික සම්භාව්‍ය ගැහැණිය යනු අප රට තුල ධනේස්වර නියොජනයක් නොවේ...ගමේ නාමලී ගේ සිට ගම්පහ වලව්වේ බණ්ඩාරනායක නොනා දක්වා ස0ස්කෘතික හැඩ තල ල0කාවේ ගැහැණියට උරුමය....එවැනි ගැහැණියක් සමග ලි0ගික එක්වීමට පෙර පුරුසයෙක් ඇය නිරුවත් කිරීමට පෙර ඔහුට හමුවන හැම කඩඉමකින්ම ඔහු කලාව විදින අතර...ජ0ගි කොටන් ගසා ඉන්නා සුද්දියෙක් සමග එකතුවන්නෙකුට කලාවකින් තොරව ලි0ගිකව එක්වීමක් උරුම වෙනු නිසැකය...ස0ස්කෘතික කාමුකත්වය ගැන ඔබ සිත යට තිබූ දෙයක් මා මෙසේ කීමට උත්සහා දැරුවෙමි...
ලොකෙ මිනිස්සු හෙලුවෙන් හිටියොත් උඹ හෙලුවෙන් ඉදියි........එක නිසා මම බලලා කියනකන් උඹ ලොකෙ දිහා බලන්ට එපා......මන් දිහා බලන් හිටපන් ආදරේ නිසා මම වැරදි දේ කරලා උඹට හරි දේ පෙන්නන්නන්.......
ජීවිතය.....
සාමයෙන් පිරි සටනකි....
ඊර්සාවෙන් පිරි ආදරයකි....
ඉඩොරයෙන් පිරි වැස්සකි....
තන්හාවෙන් පිරි පරිත්‍යාගකි.....
පිරිතෙන් පිරි තුන් බියකි.....
මගුලකින් පිරි මලගෙයකි....
මායවෙන් පිරි ඇත්තකි...
මුහුණ දීමෙන් පිරි සැගවීමකි.....
ජීවිතය....
පියාපත් ඇවිදිනවා....
කකුල් ඉගිලෙනවා....
දුප්පතාණනි.....හනික.....
නොයන් පොහොසතට...
මොනරු නඩේකට....
මල් හැගුම් බර වෙලා....
දුප්පතාණනි.......දුටුවාද...
දුප්පතාණනි....ඔහොම ඉද...
දකින් ලොකය....
දුප්පතාණනි....හනික.....
නොයන් පොහොසතට......

Monday, August 20, 2012

මගෙ පේමන්ට් මිත්‍රයෙක්ගෙ සැබෑවක්.


"අපි හිගන්නො වෙලා..
මහත්තුරුන්ගෙ සපත්තු වල දූවිලි ගෑවෙනකන් 
බලන් ඉන්නෙ එවා අතුල්ලන්ට...
සොච්චමක් හොයා ගන්ට..
හවහට මිරිස් හොද්දක් එක්ක 
පාන් කෑල්ලක් ලමයිට ගෑනුට කන්ට දෙන්ට..
අපි මැරිලා මහන්සිවෙලා හවහට ගෙදර එනවා අපි ගෙදර එනකොට ගෙවල් වල ඉන්නේ පොඩි උන් විතරයි.
අපේ ගෑණු වේසකමේ ගිහින් 
ඒ අපි දවල්ට සපත්තු මදින මහත්තුරු ගාවට....
මොනව කොරන්ටද...
අපි පිහදාන කුනු වලට සොච්චමක් දෙන මහත්තුරු 
අපේ ගෑණුන්ට හරි ඉහලින් සලකලා......
එ මහත්තුරු නොදන්නව උනාට ඒ කන්නේ අපේ කුණුම තමයි...."


අද මම කථා කරා වේස ගෑණියක් එක්ක...
වේස කියන යෙදුම යොදන්නේ ඒ මනුස්සයාගෙ අප්සට් එකකට නෙවෙයි...
ඒක එයාගේ රැකියාවට යොදන නම..
උදාහරණයක් විදිහට අපි නර්ස් කියනවා, ටීචර් කියනවා මේකට වේස කියනවා.....
පවු ඒ වේස අක්කා...
හැබැයි මම ඒ වේස අක්කට ටොක් කරෙ නෑ...
මට ඔන උනා එයත් එක්ක ටිකක් කථා කරන්ට.....
මිනිස්සු ඔක්කොම බලන් හිටියා මම ප්‍රසිද්දියේ වේස අක්කත් එක්ක කථා කරා....
මට තාමත් මගේ කණ පුරා රැව් දෙන වචන ටිකක් කිවා..
''මගේ මිනිහා මැරුණා...මට සල්ලි නෑ මම මිනිස්සු එක්ක නිදා ගන්නවා....
උන්ට ඔන හැම දෙයක්ම මම කරනවා...මගේ මිනිහත් එක්ක නිදා ගන්නකොට ඒ පපුවයි මගේ පපුවයි කථා කරපු දේවල් මට දැණුණ දේවල් කවදාවත් සල්ලි දීල මන් ගාව නිදා ගන්ට එන උන් ගාවින් දැනෙන් නෑ....

මගෙ මිනිහට වඩා උන් හොද හොද සෙල්ලම් දැම්මත් මගෙ මිනිහා මගේ ලග ඉදන් හුස්ම ගන්නකොටත් මම මාර ලොකෙක පාවුනා..මේ ඔක්කොම රග පෑම් මහත්තයො....නැත්තෙ කැමරාවක් විතරයි..." 

ඉතින් වේස අක්ක මමත් උඹ වෙනුවෙන් දෙයක් ලියනවා....

''සයනේ කෙටි චිත්‍ර පටියක නිලියකි උඹ
වේසියකි අශා රහිත.....
බඩගින්නට නිලියකි...
දිරා යන කුණු වෙන ඇග විකුනන....''

අදටත්.......

අදටත් කපුටෙකු සේ......
ජීවිතයේ ඔබෙන් ලැබෙන ඔනම කුණු ගොඩක රසය මහා රසක් සේ අහරට ගනිමි.
හමු වීමට හො කථා කිරීමට 
අසූචි ගහන ලැගුම් පොලක මා බලා ඉමි.
කුසට අප්ප්‍රියතාවවත් 
නහසයට දුගදවත් මම මායිම් නොකරමි.
වැදගත් වන්නේ මුන ගැසීම හො කථා කිරීම පමණකි.

වැස්සා.....
තරගයක් වගේ...
වැහි කැට....
එකාට ඉස්සර එකා..
පොලව ඉම්බා...
අනේ ඒ...
පොලොව උඹනම්...
මම දිනනවා...
වැහි කැටයක් වෙලා....
හැම වැහි කැටයක්ම.....
මරණවා.........
මගෙ පූර්ණ කාලින රස්සාව උඹට ආදරේ කරන එක...
මම ඒ රස්සාව ගොඩක් මහන්සි වෙලා කරනවා....
උඹට පුලුවන් වෙලාවක ඇවිත් පොඩ්ඩක් හිනා වෙලා පලයන් නොනේ.....
එක තමා උඹ මට දෙන වැටුප..
උඹ කෲර පාලිකාවක් වෙයන්.....
මට හරියට වද දීපන්....
නොනෙ මම උඹේ කීකරු සේවකයා...
කිසි ඉල්ලීමක් කරන් නෑ...මම නිදා ගත්තාමත් ඒ රස්සාවමම කරනවා....
මම ඒ රස්සාවෙන් ගෙවල් හදනවා....වාහන ගන්නවා...මම සැපට ජීවත් වෙනවා...
උඹට පුලුවන් උන ගමන් මට ටිකක් හිනා වෙලා ඒ වටිනා කමක් නැති මගේ වැටුප ගෙවල පලයන් නොනෙ...
අද වහිනවා ඉවරයක් නැතුව....
මම පට්ට ආසයි මිනිස්සු ඒ වැස්සත් එක්ක ලබන නිදහසට...
අද කාලෙකින් ටවුන් එකම නිදහසේ හැසිරුනා..මිනිස්සු නිදහසේ බීලා බස් හොල්ට් එකේ තැන් තැන් වල වැටිලා නිදා උන්නා..
ඇන්ටි කෙනෙක් පොඩි ඉස්කොලෙ මල්ලි කෙනෙක්ට නිදහසේ ලව් කරා ඒ පොඩි එකත් ඒ ඇන්ටිට නිදහසේ ලන් වෙලා උන්නා....
ඉස්කොලෙ න0ගිලා අයියලා එක්ක ත්‍රීවිල් ඇතුලට වෙලා ටෙන්ට් එක වහගෙන නිදහසේ ගුලිවෙලා හැසිරුණා....
අන්කල්ලා නිදහසේ හයියෙන් කුණු හරුප කිවා...
පොලීසිය ලගටත් හයියෙන් වැස්සා....
පොලීසියේ අයියලත් පොලීසියේ අක්කලත් එක්ක 
ඒ වෙලාවෙ නිදහසේ ලව්....
අනේ ජනාධිපති තුමනි මේ නිදහස මෙහෙම්ම ඒ අයට දෙන්ට....
වැස්සට තිත තියන්ට එපා...

සිතුවිලි

''මිනිස්සුනේ අපි ඔක්කොම සිතුවිලි මල ගෙවල් වල තනි රකින 
මල හිත් ඇත්තො....
අපේ සිතුවිලි අපේ හිත් ඇතුලෙම පුනුරුප්පත්තිය කියවනවා....
සිතුවිලි වයස ලක්ස ගණන්.....
මල ගියාම පින් දෙන්ට බෑ ඒක නිසා ඒ සිතුවිලි අපේ හිත් ඇතුලෙම පෙරේත ආත්ම වෙනවා......
වද දෙනවා...මැරෙන්ට ඉපදෙන්ට ජීවිතම ඔනේ නෑ සිතුවිලි තමා මරණයේ ඉපදීමේ ගුරුවරු..''

ජීවිතය දවසකි..


ජීවිතය දවසකි.....
හිමිදිරි උදයේ අම්මා තාත්තා මා අවදි කලෙමි...
ආදරය වට කරගෙන මට ජීවිතය ලැබිණි....
දහවලේ නෑදෑයින්,මිතුරන්,අසල් වැසියන්,වයිර කරන්නන්,ආදරය කරන්නන් සමග ජීවිතය ගෙවීය.....
හවස් යාමයේදී ... ජීවත් වීමට වෙර දැරීය....මො හො ති න් මොහොත මා අසල සිටි හැම දෙනාට සමු දුනිමි...
මැදියම් රාත්‍රියේ .... ම්......මා ජීවිතය අත හැර මරුවා සමග නින්දට ගියෙමි.....
දවස කෙලවර විය...

සිනාසී වස්සන්ට...උදාවක් තෘප්තිමත්...
දිලිසි දිලිසී හිනහෙන්ට...
වැටෙන තෙක් මට එලියක්....

පිරිනු පිරිසිදු දිය කලයක් මෙන්....
පැමිණෙන්ට මා යන ඉදිරියට.....
තලා බියගුලු හිත් කම් මවනා මහිත...
විහාරයක් කරවන්ට වතාවක්....

නිදා වැටෙනා ඇස් පියන් පත් ඔබ දරන් ඉන්ට....
දැවී පිච්චෙන මේ ශරීරෙට....
සිනා කදුලු ඔබේ වස්සන්ට...
මා තෙත් වෙන්ට...
ලොවට කලියෙන් ලොවට එන්ට මට .                 
ඔබ සිනාවෙන්ට..



මහා ගල් තලාවක මගේ නම කෙටුවේය....
ගල් තලාවට නොදැණුනත් ගල් තලාව මගේ නාමය දරා සිටින්නේය....
ඇයයි ඒ නොහැගෙනා ගල් තලාව....
ඇයට නොදැණුනත් ඇය මා දරා සිටින්නීය...........

ආදරේ

ඇස් දෙකෙන් බලලා...  
දැක්ක දේ හිතලා..
හුස්මක් උඩට අරන්....
ඒ හුස්ම පපුවට දාගෙන.... 
ආයෙත් ඒ හුස්ම එලියට දාලා..... 
ඇස් පිල්ලම් ගහපු මොහොතක පපුවට දැනිච්ච දේ............. 
මම හිතන්නේ ආදරේ.........

මිනිස්සු

''හිත සතුටින් පිරිලා තියන කොට ජීවිතය ගත කරන මිනිස්සූ....
හිත දුකෙන් පිරිලා තියන කොට ජීවිතය ගෙවල දානවා.....          මිනිස්සුනේ''
මම කියන්නේ....මගේ ගැන මම විශ්වාස කරන දෙයක්...මගේ ඇග පුරා තියෙන්නේ සෙම..වෙලාවකට මගේ ගද මටම දරා ගන්ට බෑ...නහයෙන් හොටු ගලනවා....ඇස් වලින් කඹ එනවා....ඇග දාඩියෙන් තෙත් වෙනවා......හැමදාම මල මූත්‍රා පිට වෙනවා......මෙවා මගේ ජීවිතේ ඇත්ත....ජීවිතේ කුණු කාණුවල ගලාගෙන යන ජරා වතුර වගේ.....පිරිසිදුවට කොහෙන් හරි පටන් අරන් මගින් මගට ජරාව එකතු කරන් අහසට වාස්ප වෙනකන් ඔහේ ගලන් යනවා.....අපි ඉපදුන දවස් වලත් එහෙමයි..හරි පිරිසිදුවට සුවදට හිටියා...පිටවුනු මල මූත්‍රාවල ගදක් සුවදක් තිබුනේ නෑ..වයසට යන්ට යන්ට ඒ කියන්නේ ඉස්සරහට ජීවිතේ ගලා ගෙන යන්ට යන්ට...ජීවිතේ කුණු කානුවක ගලාගෙන යනවා වගේ එක එක ජරාව ලෙඩ රොග ඇගට එනවා....මැරෙනකන් ඇගේ ලගින්නේ තනිකමට ගදගහන ජරාව විතරයි........

රැජින හොටලේට උඩින් 
මැස්සෙක් වෙලාවත් ඉගිල්ලෙන්ට....
රුපියල් නෑ මගේ අතේ එහා පැත්තේ පීසා කන්ට....
මාලිගාවේ මලුත් ගණන් පින් ගන්නට බැරිවෙයි මට...
පිස්සු කෙලින නුවරක් ලග මන් තනිවෙලා උන්නා....
ඔයා එනවා කීව නිසා තාමත් මන් බලන් ඉන්නො...
ගල පෙන්නන ගෑණු ළමයි සෙවල හලන පිරිමි ළමයි..
අස්සේ තරුණ මන් මක් කොරන්ට..
අහක බලන් මම ඉන්නම්.
බඩ ගින්නේ මන් ඉන්නම්....
එනවා කියලා පොරොන්දු උන ඔයා එනවනම් නුවරට..
එතකම් මම නුවර රැජිනි බීලා විහික් කරපු....
වයින් බොතලේ හොයනවා.....

මිහිරි කුරුළු නාදය.... අහිමිව ගිය මුඩුක්කුවේ...
කාක්කන්ගෙ ගොරහැඩිහඩ... මගේ ප්‍රේමේ කවිය උනා...
දුක හිතුනම බොන්ට වෙන්නේ.... බීඩී තමා හැමදාමත්...
දුකත් දැන් ගණන්...
උජාරුවට පෙන්නන්නට.... මගේ ගෙදර කවුරුත් නෑ...
හරි සරලව හඩු ඇදගෙන අම්මා තාත්තා ගෙදර ඉන්නවා....
අජිත් මුතුකුමාරණගේ සින්දු අහන අපේ අක්කා. දවාලටත් කොට්ටේ බදන්..
ස ප්‍රස0ගෙ පොස්ටරේ අලවන අපෙ අයියා.... රෑට කෑම ගේනවා...
මගේ ප්‍රේමෙ කොච්චියේ හැමදාමත්.... මුඩුක්කුව ලගින් දුවනවා....
දවසක අත වනලා උඹට..... කොච්චියට මන් පනිනවා.....

හිත, උඹ මට එපා.

මම අදටත් මගේම හිත් තලයේ මගේ කැමැත්තේ අයිතිය හොයනවා....
මේක මගේ හිත කියලා මේ හිතේ තියන කැමැත්ත,ආදරය,බලාපොරොත්තුව,අයිති කරගන්ට තියන ඔනකම මට ලැබෙන් නෑ.....
පොලොවකනම්,ඉඩමක් නම් මට ඔන දෙයක් කරන්ට තිබ්බා ඒක මගේ නම්.........
හැබැයි මේ හිත මගේම වෙලත් මගේ ඔන කමට පයින් ගහනවා...
මගේ හිත උඹ මට එපා උඹ මැරියන්.....



උඹ මට ඇල්පෙනිත්තක්..
ගැස්සෙන්ට...
මට අනින...
මතකයේ විස පෙවූ.

මන් පැටලිලා..

ගල් වෙච්ච පිරිමි ශරීරයක් මාව බදා ගත්තා..
දිරච්ච අත්තක කුරුල්ලෙක් වහලා හිටියා..
අම්මලා හදවතින්ම බොධි පූජා තිබ්බා..
තාත්තලා හදවතින්ම කිරි හරක් රැක්කා..
පුන්චි කන්‍යාවියො නිරුවත් උනා..
කලුම කලු රහතන් වහන්සේලා මට සතිපට්ටානය දේශනා කරා..
මම හිටියේ පරණ මයිනර් කාර් එකක් ඇතුලේ..
දෙව් දුවක් මට ගොල්ලිෆ් පහක් ගෙනත් දුන්නා..
මම දන් නෑ මන් මොනවා කරන්ටද කියලා..
මේ හැමදේම ඇතුලේ මන් පැටලිලා.

අපි


අපි ඇවිද යන උන්ය....
අපි කථා කරන,හිනා වෙන,අඩන උන්ය....
අපි ඒ උන්ය...
උන් අපි නොවේය...
උන් පියාඹන උන්ය....
උන් බුරන,හපා කන,ඇගට පනින උන්ය..
අපි ඒ උන් ගේය....
නමුත් අපි ඒ උන් නොවේය.......

Thursday, February 16, 2012

ආදරේ කරපන්

ආදරේ කරපන් හුස්ම යනකන් උඹ ලග තනි රකින උඹේ පපුකැහැත්තට...
ඉඹපන් උඹේ යටිතොලෙන් උඩු තොල....
කවි කියපන් උඩු හිතින් යටි හිතට....
සෙක්ස් කරපන් උඹේ ඉන්ද්‍රියත් එක්කම....
කවදාවත් උඹට අහිමිවීමක් දුකක් නොදැනේවි....
මම අහසවත් පොලොවවත් මුහුදවත් නෙවෙයි....ඒ හැම දෙයකම ගැඹුර දන්න ඒවා තේරුම් ගන්ට බෑ කියලා දැනගෙනත් ඒවා ගැන ලියපු උඹ.....

මෙච්චර ලගින් හිටපු මාව තේරුම් ගත්තෙ නෑ.....

Thursday, February 9, 2012

උඹට දැණුනේ

උඹ කොහොමද කියන්නේ උඹ මගේ හදවත ස්පර්ශ කරා කියලා...
උඹ ස්පර්ශ කරේ මගේ හදවතට උඩින් තියන මස් කුට්ටිය විතරයි....
උඹ කොහොමද කියන්නේ මාව උඹට දැණුනා කියලා.....
උඹට දැණුනේ මට දැණුනා කියල මම උඹට පෙන්නපු දේ විතරයි......

Tuesday, January 31, 2012

ජීවිතේට විරුද්ධ වෙන්ට

ජීවිතේට විරුද්ධ වෙන්ට..මරණය නිරුවත්..ජීවත් වීම කියන්නෙ මරණෙට උඩින් ඇදන් ඉන්න ලස්සන ඇදුම...මාරයා කියන සල්ලාලයා ගාව හැම මනුස්සයෙක්ම  අකමැත්තෙන් ජීවිතය කියන ඇදුම ගලවනවා....හෙළුවැල්ල පෙන්නනවා...ජීවිතේට විරුද්ධ වෙන්ට මන් කියන එක ඇත්තනන්..