Saturday, October 20, 2012

මගෙ සිරුර පුච්චන්ට මගෙ අම්මේ......

ඔහේ පීදෙන වල් වැවී ගිය නිසල පොලොවේ.....
මගේ සිරුර වලලන් නෙපා අම්මේ....
ඔහේ ජීවිතේ ගෙවා දැමු නිසයි....
මා මෙසේ මිය ඇදුනේ...
දර දෙබෑ කර අහසට නැගෙනා...
මහා ගින්නක මගේ සිරුර අලු කරන්න...
ඉඩ දෙන්න මගෙ අම්මේ....
දැවෙද්දිත් මට රිදුම් නොදැනෙයි.....
අරුමයක් නෙවෙයි අම්මේ.....
මෙතුවක් කල් මා සිතින් දැවුනා....

ඒක නොදෙවෙනියි ඒ ගින්දරට අම්මේ......
මරණයට බිය මුත් ගින්දරට බය නෑ....
මා ඉහිලුවා ගින්දර ගොඩක් අම්මේ.....
අලු වෙන්න ඉඩදෙන්න....
මගෙ සිරුර පුච්චන්ට මගෙ අම්මේ......

No comments:

Post a Comment