Monday, August 20, 2012

මගෙ පේමන්ට් මිත්‍රයෙක්ගෙ සැබෑවක්.


"අපි හිගන්නො වෙලා..
මහත්තුරුන්ගෙ සපත්තු වල දූවිලි ගෑවෙනකන් 
බලන් ඉන්නෙ එවා අතුල්ලන්ට...
සොච්චමක් හොයා ගන්ට..
හවහට මිරිස් හොද්දක් එක්ක 
පාන් කෑල්ලක් ලමයිට ගෑනුට කන්ට දෙන්ට..
අපි මැරිලා මහන්සිවෙලා හවහට ගෙදර එනවා අපි ගෙදර එනකොට ගෙවල් වල ඉන්නේ පොඩි උන් විතරයි.
අපේ ගෑණු වේසකමේ ගිහින් 
ඒ අපි දවල්ට සපත්තු මදින මහත්තුරු ගාවට....
මොනව කොරන්ටද...
අපි පිහදාන කුනු වලට සොච්චමක් දෙන මහත්තුරු 
අපේ ගෑණුන්ට හරි ඉහලින් සලකලා......
එ මහත්තුරු නොදන්නව උනාට ඒ කන්නේ අපේ කුණුම තමයි...."


අද මම කථා කරා වේස ගෑණියක් එක්ක...
වේස කියන යෙදුම යොදන්නේ ඒ මනුස්සයාගෙ අප්සට් එකකට නෙවෙයි...
ඒක එයාගේ රැකියාවට යොදන නම..
උදාහරණයක් විදිහට අපි නර්ස් කියනවා, ටීචර් කියනවා මේකට වේස කියනවා.....
පවු ඒ වේස අක්කා...
හැබැයි මම ඒ වේස අක්කට ටොක් කරෙ නෑ...
මට ඔන උනා එයත් එක්ක ටිකක් කථා කරන්ට.....
මිනිස්සු ඔක්කොම බලන් හිටියා මම ප්‍රසිද්දියේ වේස අක්කත් එක්ක කථා කරා....
මට තාමත් මගේ කණ පුරා රැව් දෙන වචන ටිකක් කිවා..
''මගේ මිනිහා මැරුණා...මට සල්ලි නෑ මම මිනිස්සු එක්ක නිදා ගන්නවා....
උන්ට ඔන හැම දෙයක්ම මම කරනවා...මගේ මිනිහත් එක්ක නිදා ගන්නකොට ඒ පපුවයි මගේ පපුවයි කථා කරපු දේවල් මට දැණුණ දේවල් කවදාවත් සල්ලි දීල මන් ගාව නිදා ගන්ට එන උන් ගාවින් දැනෙන් නෑ....

මගෙ මිනිහට වඩා උන් හොද හොද සෙල්ලම් දැම්මත් මගෙ මිනිහා මගේ ලග ඉදන් හුස්ම ගන්නකොටත් මම මාර ලොකෙක පාවුනා..මේ ඔක්කොම රග පෑම් මහත්තයො....නැත්තෙ කැමරාවක් විතරයි..." 

ඉතින් වේස අක්ක මමත් උඹ වෙනුවෙන් දෙයක් ලියනවා....

''සයනේ කෙටි චිත්‍ර පටියක නිලියකි උඹ
වේසියකි අශා රහිත.....
බඩගින්නට නිලියකි...
දිරා යන කුණු වෙන ඇග විකුනන....''

අදටත්.......

අදටත් කපුටෙකු සේ......
ජීවිතයේ ඔබෙන් ලැබෙන ඔනම කුණු ගොඩක රසය මහා රසක් සේ අහරට ගනිමි.
හමු වීමට හො කථා කිරීමට 
අසූචි ගහන ලැගුම් පොලක මා බලා ඉමි.
කුසට අප්ප්‍රියතාවවත් 
නහසයට දුගදවත් මම මායිම් නොකරමි.
වැදගත් වන්නේ මුන ගැසීම හො කථා කිරීම පමණකි.

වැස්සා.....
තරගයක් වගේ...
වැහි කැට....
එකාට ඉස්සර එකා..
පොලව ඉම්බා...
අනේ ඒ...
පොලොව උඹනම්...
මම දිනනවා...
වැහි කැටයක් වෙලා....
හැම වැහි කැටයක්ම.....
මරණවා.........
මගෙ පූර්ණ කාලින රස්සාව උඹට ආදරේ කරන එක...
මම ඒ රස්සාව ගොඩක් මහන්සි වෙලා කරනවා....
උඹට පුලුවන් වෙලාවක ඇවිත් පොඩ්ඩක් හිනා වෙලා පලයන් නොනේ.....
එක තමා උඹ මට දෙන වැටුප..
උඹ කෲර පාලිකාවක් වෙයන්.....
මට හරියට වද දීපන්....
නොනෙ මම උඹේ කීකරු සේවකයා...
කිසි ඉල්ලීමක් කරන් නෑ...මම නිදා ගත්තාමත් ඒ රස්සාවමම කරනවා....
මම ඒ රස්සාවෙන් ගෙවල් හදනවා....වාහන ගන්නවා...මම සැපට ජීවත් වෙනවා...
උඹට පුලුවන් උන ගමන් මට ටිකක් හිනා වෙලා ඒ වටිනා කමක් නැති මගේ වැටුප ගෙවල පලයන් නොනෙ...
අද වහිනවා ඉවරයක් නැතුව....
මම පට්ට ආසයි මිනිස්සු ඒ වැස්සත් එක්ක ලබන නිදහසට...
අද කාලෙකින් ටවුන් එකම නිදහසේ හැසිරුනා..මිනිස්සු නිදහසේ බීලා බස් හොල්ට් එකේ තැන් තැන් වල වැටිලා නිදා උන්නා..
ඇන්ටි කෙනෙක් පොඩි ඉස්කොලෙ මල්ලි කෙනෙක්ට නිදහසේ ලව් කරා ඒ පොඩි එකත් ඒ ඇන්ටිට නිදහසේ ලන් වෙලා උන්නා....
ඉස්කොලෙ න0ගිලා අයියලා එක්ක ත්‍රීවිල් ඇතුලට වෙලා ටෙන්ට් එක වහගෙන නිදහසේ ගුලිවෙලා හැසිරුණා....
අන්කල්ලා නිදහසේ හයියෙන් කුණු හරුප කිවා...
පොලීසිය ලගටත් හයියෙන් වැස්සා....
පොලීසියේ අයියලත් පොලීසියේ අක්කලත් එක්ක 
ඒ වෙලාවෙ නිදහසේ ලව්....
අනේ ජනාධිපති තුමනි මේ නිදහස මෙහෙම්ම ඒ අයට දෙන්ට....
වැස්සට තිත තියන්ට එපා...

සිතුවිලි

''මිනිස්සුනේ අපි ඔක්කොම සිතුවිලි මල ගෙවල් වල තනි රකින 
මල හිත් ඇත්තො....
අපේ සිතුවිලි අපේ හිත් ඇතුලෙම පුනුරුප්පත්තිය කියවනවා....
සිතුවිලි වයස ලක්ස ගණන්.....
මල ගියාම පින් දෙන්ට බෑ ඒක නිසා ඒ සිතුවිලි අපේ හිත් ඇතුලෙම පෙරේත ආත්ම වෙනවා......
වද දෙනවා...මැරෙන්ට ඉපදෙන්ට ජීවිතම ඔනේ නෑ සිතුවිලි තමා මරණයේ ඉපදීමේ ගුරුවරු..''

ජීවිතය දවසකි..


ජීවිතය දවසකි.....
හිමිදිරි උදයේ අම්මා තාත්තා මා අවදි කලෙමි...
ආදරය වට කරගෙන මට ජීවිතය ලැබිණි....
දහවලේ නෑදෑයින්,මිතුරන්,අසල් වැසියන්,වයිර කරන්නන්,ආදරය කරන්නන් සමග ජීවිතය ගෙවීය.....
හවස් යාමයේදී ... ජීවත් වීමට වෙර දැරීය....මො හො ති න් මොහොත මා අසල සිටි හැම දෙනාට සමු දුනිමි...
මැදියම් රාත්‍රියේ .... ම්......මා ජීවිතය අත හැර මරුවා සමග නින්දට ගියෙමි.....
දවස කෙලවර විය...

සිනාසී වස්සන්ට...උදාවක් තෘප්තිමත්...
දිලිසි දිලිසී හිනහෙන්ට...
වැටෙන තෙක් මට එලියක්....

පිරිනු පිරිසිදු දිය කලයක් මෙන්....
පැමිණෙන්ට මා යන ඉදිරියට.....
තලා බියගුලු හිත් කම් මවනා මහිත...
විහාරයක් කරවන්ට වතාවක්....

නිදා වැටෙනා ඇස් පියන් පත් ඔබ දරන් ඉන්ට....
දැවී පිච්චෙන මේ ශරීරෙට....
සිනා කදුලු ඔබේ වස්සන්ට...
මා තෙත් වෙන්ට...
ලොවට කලියෙන් ලොවට එන්ට මට .                 
ඔබ සිනාවෙන්ට..



මහා ගල් තලාවක මගේ නම කෙටුවේය....
ගල් තලාවට නොදැණුනත් ගල් තලාව මගේ නාමය දරා සිටින්නේය....
ඇයයි ඒ නොහැගෙනා ගල් තලාව....
ඇයට නොදැණුනත් ඇය මා දරා සිටින්නීය...........

ආදරේ

ඇස් දෙකෙන් බලලා...  
දැක්ක දේ හිතලා..
හුස්මක් උඩට අරන්....
ඒ හුස්ම පපුවට දාගෙන.... 
ආයෙත් ඒ හුස්ම එලියට දාලා..... 
ඇස් පිල්ලම් ගහපු මොහොතක පපුවට දැනිච්ච දේ............. 
මම හිතන්නේ ආදරේ.........

මිනිස්සු

''හිත සතුටින් පිරිලා තියන කොට ජීවිතය ගත කරන මිනිස්සූ....
හිත දුකෙන් පිරිලා තියන කොට ජීවිතය ගෙවල දානවා.....          මිනිස්සුනේ''
මම කියන්නේ....මගේ ගැන මම විශ්වාස කරන දෙයක්...මගේ ඇග පුරා තියෙන්නේ සෙම..වෙලාවකට මගේ ගද මටම දරා ගන්ට බෑ...නහයෙන් හොටු ගලනවා....ඇස් වලින් කඹ එනවා....ඇග දාඩියෙන් තෙත් වෙනවා......හැමදාම මල මූත්‍රා පිට වෙනවා......මෙවා මගේ ජීවිතේ ඇත්ත....ජීවිතේ කුණු කාණුවල ගලාගෙන යන ජරා වතුර වගේ.....පිරිසිදුවට කොහෙන් හරි පටන් අරන් මගින් මගට ජරාව එකතු කරන් අහසට වාස්ප වෙනකන් ඔහේ ගලන් යනවා.....අපි ඉපදුන දවස් වලත් එහෙමයි..හරි පිරිසිදුවට සුවදට හිටියා...පිටවුනු මල මූත්‍රාවල ගදක් සුවදක් තිබුනේ නෑ..වයසට යන්ට යන්ට ඒ කියන්නේ ඉස්සරහට ජීවිතේ ගලා ගෙන යන්ට යන්ට...ජීවිතේ කුණු කානුවක ගලාගෙන යනවා වගේ එක එක ජරාව ලෙඩ රොග ඇගට එනවා....මැරෙනකන් ඇගේ ලගින්නේ තනිකමට ගදගහන ජරාව විතරයි........

රැජින හොටලේට උඩින් 
මැස්සෙක් වෙලාවත් ඉගිල්ලෙන්ට....
රුපියල් නෑ මගේ අතේ එහා පැත්තේ පීසා කන්ට....
මාලිගාවේ මලුත් ගණන් පින් ගන්නට බැරිවෙයි මට...
පිස්සු කෙලින නුවරක් ලග මන් තනිවෙලා උන්නා....
ඔයා එනවා කීව නිසා තාමත් මන් බලන් ඉන්නො...
ගල පෙන්නන ගෑණු ළමයි සෙවල හලන පිරිමි ළමයි..
අස්සේ තරුණ මන් මක් කොරන්ට..
අහක බලන් මම ඉන්නම්.
බඩ ගින්නේ මන් ඉන්නම්....
එනවා කියලා පොරොන්දු උන ඔයා එනවනම් නුවරට..
එතකම් මම නුවර රැජිනි බීලා විහික් කරපු....
වයින් බොතලේ හොයනවා.....

මිහිරි කුරුළු නාදය.... අහිමිව ගිය මුඩුක්කුවේ...
කාක්කන්ගෙ ගොරහැඩිහඩ... මගේ ප්‍රේමේ කවිය උනා...
දුක හිතුනම බොන්ට වෙන්නේ.... බීඩී තමා හැමදාමත්...
දුකත් දැන් ගණන්...
උජාරුවට පෙන්නන්නට.... මගේ ගෙදර කවුරුත් නෑ...
හරි සරලව හඩු ඇදගෙන අම්මා තාත්තා ගෙදර ඉන්නවා....
අජිත් මුතුකුමාරණගේ සින්දු අහන අපේ අක්කා. දවාලටත් කොට්ටේ බදන්..
ස ප්‍රස0ගෙ පොස්ටරේ අලවන අපෙ අයියා.... රෑට කෑම ගේනවා...
මගේ ප්‍රේමෙ කොච්චියේ හැමදාමත්.... මුඩුක්කුව ලගින් දුවනවා....
දවසක අත වනලා උඹට..... කොච්චියට මන් පනිනවා.....

හිත, උඹ මට එපා.

මම අදටත් මගේම හිත් තලයේ මගේ කැමැත්තේ අයිතිය හොයනවා....
මේක මගේ හිත කියලා මේ හිතේ තියන කැමැත්ත,ආදරය,බලාපොරොත්තුව,අයිති කරගන්ට තියන ඔනකම මට ලැබෙන් නෑ.....
පොලොවකනම්,ඉඩමක් නම් මට ඔන දෙයක් කරන්ට තිබ්බා ඒක මගේ නම්.........
හැබැයි මේ හිත මගේම වෙලත් මගේ ඔන කමට පයින් ගහනවා...
මගේ හිත උඹ මට එපා උඹ මැරියන්.....



උඹ මට ඇල්පෙනිත්තක්..
ගැස්සෙන්ට...
මට අනින...
මතකයේ විස පෙවූ.

මන් පැටලිලා..

ගල් වෙච්ච පිරිමි ශරීරයක් මාව බදා ගත්තා..
දිරච්ච අත්තක කුරුල්ලෙක් වහලා හිටියා..
අම්මලා හදවතින්ම බොධි පූජා තිබ්බා..
තාත්තලා හදවතින්ම කිරි හරක් රැක්කා..
පුන්චි කන්‍යාවියො නිරුවත් උනා..
කලුම කලු රහතන් වහන්සේලා මට සතිපට්ටානය දේශනා කරා..
මම හිටියේ පරණ මයිනර් කාර් එකක් ඇතුලේ..
දෙව් දුවක් මට ගොල්ලිෆ් පහක් ගෙනත් දුන්නා..
මම දන් නෑ මන් මොනවා කරන්ටද කියලා..
මේ හැමදේම ඇතුලේ මන් පැටලිලා.

අපි


අපි ඇවිද යන උන්ය....
අපි කථා කරන,හිනා වෙන,අඩන උන්ය....
අපි ඒ උන්ය...
උන් අපි නොවේය...
උන් පියාඹන උන්ය....
උන් බුරන,හපා කන,ඇගට පනින උන්ය..
අපි ඒ උන් ගේය....
නමුත් අපි ඒ උන් නොවේය.......