Thursday, February 16, 2012

ආදරේ කරපන්

ආදරේ කරපන් හුස්ම යනකන් උඹ ලග තනි රකින උඹේ පපුකැහැත්තට...
ඉඹපන් උඹේ යටිතොලෙන් උඩු තොල....
කවි කියපන් උඩු හිතින් යටි හිතට....
සෙක්ස් කරපන් උඹේ ඉන්ද්‍රියත් එක්කම....
කවදාවත් උඹට අහිමිවීමක් දුකක් නොදැනේවි....
මම අහසවත් පොලොවවත් මුහුදවත් නෙවෙයි....ඒ හැම දෙයකම ගැඹුර දන්න ඒවා තේරුම් ගන්ට බෑ කියලා දැනගෙනත් ඒවා ගැන ලියපු උඹ.....

මෙච්චර ලගින් හිටපු මාව තේරුම් ගත්තෙ නෑ.....

Thursday, February 9, 2012

උඹට දැණුනේ

උඹ කොහොමද කියන්නේ උඹ මගේ හදවත ස්පර්ශ කරා කියලා...
උඹ ස්පර්ශ කරේ මගේ හදවතට උඩින් තියන මස් කුට්ටිය විතරයි....
උඹ කොහොමද කියන්නේ මාව උඹට දැණුනා කියලා.....
උඹට දැණුනේ මට දැණුනා කියල මම උඹට පෙන්නපු දේ විතරයි......