Saturday, October 20, 2012

හොරු........හොයනවා.....හොරකන් කරන්ට...
දැහැමියො.....හොයනවා.....නිවන් යන්ට......
බේබද්දො....හොයනවා.....මත් වෙන්ට....
වැද්දො.......හොයනවා....මස් කන්ට......
රස්තියාදුකාරයො...........හොයනවා.....ඇවිදින්ට.....
මම ..... හොයනවා.... මාව.....
මාව ප්‍රතික්ෂේප කර........රැකියා ඇබෑර්තු...හහ් හා...යකො මම ආය තොපි හොයන් එන් නෑ...පපුවේ මනුස්සකමේ සහතිකය තියාන අනිත් හැම සහතිකයක්ම ගොල්ෆේස් හොල්ට් එකෙන් බැහැලා ඉරලා මුහුදට විහික් කරා.....මට මාර නිදහසක් දැනෙනව ඔයි.....
මම කපුටොන් ගෙන් ඉගෙන ගන්නවා...කපුටො හුලගට පාවෙලා යනවා...හැබැයි ඉබාගාතේ නෙවෙයි...බඩේ කුණු පුරවන් හිතේ හය්යට පියාඹනවා...මමත් දැන් එහෙමයි......

මගෙ සිරුර පුච්චන්ට මගෙ අම්මේ......

ඔහේ පීදෙන වල් වැවී ගිය නිසල පොලොවේ.....
මගේ සිරුර වලලන් නෙපා අම්මේ....
ඔහේ ජීවිතේ ගෙවා දැමු නිසයි....
මා මෙසේ මිය ඇදුනේ...
දර දෙබෑ කර අහසට නැගෙනා...
මහා ගින්නක මගේ සිරුර අලු කරන්න...
ඉඩ දෙන්න මගෙ අම්මේ....
දැවෙද්දිත් මට රිදුම් නොදැනෙයි.....
අරුමයක් නෙවෙයි අම්මේ.....
මෙතුවක් කල් මා සිතින් දැවුනා....

ඒක නොදෙවෙනියි ඒ ගින්දරට අම්මේ......
මරණයට බිය මුත් ගින්දරට බය නෑ....
මා ඉහිලුවා ගින්දර ගොඩක් අම්මේ.....
අලු වෙන්න ඉඩදෙන්න....
මගෙ සිරුර පුච්චන්ට මගෙ අම්මේ......
අරක්කුයි සිගරට් අලුයි මාව මාර ලොකෙකට අරන් ගියා පැටියො.....උඹට පට්ට ජරා ගෑණි කියලා බනින්ට ඒ වෙරිමතේවත් ඉඩ දෙන් නෑ.......අඩු ගානේ උඹට බනින්ටවත් මට මන් ගාව අයිතියක් නෑ යකො....

අම්මලා අමරණිය වේවා......

පොලොව මොටද අම්මා වරු දරන් ඉන්නකොට.....
අහස මොටද අම්මා වරු බලන් ඉන්නකොට.....
මුහුද මොටද අම්මා වරු කදුලු හලනකොට......
අපි මොටද අම්මා වරු ලොකයෙ නැති කොට......
හැර යාම හැර....
ගල් වීම..
නැවතීම...
ස්ථාවර වීම....
මරණය..

යා යුතුයි

ඇත්තටම මම යන්ට ඔන....මන් යා යුතුයි....එක මගේ යුතුකම...ඔක්කොටම ආරම්භය මතක් කරන්ට මගේ අවසානයට....ඔක්කොටම අවසානය මතක් කරන්ට මගෙ ආරම්භයට...හෙට දවසට ඇත්තේ එතිලා දිග ඇරගන්ට අමාරු පැය විසිහතරක් මිනිත්තු තප්පර වලින්....අවුල් උන ඒවා අමාරුවෙන් දිග ඇරෙනවා තප්පර මිනිත්තු පැය හැටියට..... අපිට..... අවුල් වෙච්ච දවස් එක් කරන්ට.....ආරම්භය අවසානය දන් නැති පිස්සු කෙලින ඔරලොසු කටු....මන් දන්නෙත් නෑ බන් ඔය වගේ....හරි විකාරයි ජීවිතත්...එක නිසා මන් යනවා මතක් කරන්ට...එක මගේ යුතුකම....දවසක මුන ගැහෙමු...
ජීවිතේ...

පින්නට පෙගෙන....

සායම් බොදවෙන....

චිත්‍රරයක්......

කාලය ගෙවෙන.....

කය දිරායන......

ජීවිතේ චිත්‍රයක්.....
හිමි කම් හිමි වන දා....
මිනිසත් කම් මිය යනවා....
වහසි බස් වැහි අස්සේ...
සත්තු ඇවිදිනවා....
අතුරුදහන් වන මිනිස්සු...
ගෙවල් වල නැති මිනිස්සු....
ආගමේ නැති මිනිස්සු....
හීන හිමි වන සත්තු.....