Tuesday, January 31, 2012

ජීවිතේට විරුද්ධ වෙන්ට

ජීවිතේට විරුද්ධ වෙන්ට..මරණය නිරුවත්..ජීවත් වීම කියන්නෙ මරණෙට උඩින් ඇදන් ඉන්න ලස්සන ඇදුම...මාරයා කියන සල්ලාලයා ගාව හැම මනුස්සයෙක්ම  අකමැත්තෙන් ජීවිතය කියන ඇදුම ගලවනවා....හෙළුවැල්ල පෙන්නනවා...ජීවිතේට විරුද්ධ වෙන්ට මන් කියන එක ඇත්තනන්..

Sunday, January 29, 2012

රැවටෙනවා...

රැවටෙනවා ඩො...ආයෙත් පේනවා..කැරකෙන මෙරිගො රවුන්ඩ් එකක් වගේ හිටපු තැන පහුකර කර රැවටෙනවා..මිනිස්සු එහෙමයි ඩො..මිනිස්සු රැවටෙනවා..වෙන උන්ට කොක වෙතත් අපි අපිට රැවටෙනවා ඩො..පවු ඩො පොඩි කිරි කැටියො අම්මලාගේ දරු නැලවිල්ලට රැවටෙනවා වගේ රැවටිලා දොයිය ගන්නවා වගේ රැවටෙනවා...දිගටම .. දිගින් දිගටම හිතහන් තොපිත් එහෙමයි....මමත් එහෙමයි....හැම සැරේකම හැම තප්පරේකම රැවටෙනවා...

Tuesday, January 17, 2012

හිතුවිලි තමයි මරණයේ ගුරුවරු...

ගොඩක් මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙ තියෙන්නේ මැරිල ගිය හිතුවිලි  සොහොන් කොත් විතරයි...ඉපදුනු ඉපදිලා එලියට උපද්දන්න බැරි උන හිතුවිලි සොහොන් කොත් දහස් ගණනක් අපි ගාව තියාගෙන මැරෙන්ට යන කය ගැන හිතනවා...බය වෙනවා..දරු ප්‍රසූතියකට ඉස්සර කුසේ දරුව දරන් ඉන්නව වගේ...අලුත් උපතකට කොච්චර හිතේ හිතුවිලි ප්‍රාණ දරන් ඉන්නවද...හැබැයි එවගෙන් ඉපදෙන්නේ බොහොම ටිකයි..ඒවත් සමහරක් බොල්....මැරෙන්ට ජීවිතයක්ම ඔනේ නෑ...හිතුවිලි තමයි මරණයේ ගුරුවරු...

Sunday, January 15, 2012

(අඩ මානසිකත්වයක් යුතු දුවකගේ කවි අහනා පියෙක් දුටිමි...)

ඔබ හුදකලා කොට දමා නොගියපු...
කාලයේ රසිකයා..
රසිකයන් පතනා හිගමනක...
නොලැබෙනා දුකකට වැගිරෙනා....
කදුලු කැට නානා...
මම ඔඹේ රසිකයා..
අත් පුඩිත් ඇත සිත් තුටින් දෙන...
එදා මෙන් තවමත් එක හිතක...
වාරු නොදෙනා පපු කුහරයක..
සිරවී බලා ඉන්නා...
මම ඔඹේ රසිකයා....
නැතත් තාලය දුවේ කවි තුල..
මාර මිහිරිය හැබෑවක්මය..
මගේ ප්‍රාණය අත් හරින තුරු...
ඔඹේ කවි අහනා ... මම දුවේ රසිකයා..
(අඩ මානසිකත්වයක් යුතු දුවකගේ කවි අහනා පියෙක් දුටිමි...)

Saturday, January 14, 2012

මම උඹට (උඹ මට නෙවෙයි...)


........................................................................
උඹට ආදරේ නිසා,
උඹ මට ඔනේ නිසා,
උඹගෙන් තොර ලොකයක් නැති නිසා,
මම ගොලුවෙක්මි,
මම අන්ධයෙක්මි,
මම බීරෙක්මි.

Thursday, January 12, 2012

ප්‍රේමය පට්ටයි......

උඹ විහික් වෙලා වැටුණා...
මගෙ ඔඩොක්කුවට.....
ඇගේ දුවිලි නෑ....
මූණේ දැලි විතරයි....
පණ කෙන්දත් හොදා...
දැලි පිහින් නැතුම්....
ගත්තා උඹ මගෙ ලගට....
උඹත් නාකයි....මමත් එහෙමයි....
අපෙ ප්‍රේමය පට්ටයි.......

Tuesday, January 10, 2012

අපි හිගන්නො වෙලා.

අපි හිගන්නො වෙලා..මහත්තුරුන්ගෙ සපත්තු වල දූවිලි ගෑවෙනකන් බලන් ඉන්නෙ එවා අතුල්ලන්ට...සොච්චමක් හොයා ගන්ට..හවහට මිරිස් හොද්දක් එක්ක පාන් කෑල්ලක් ලමයිට ගෑනුට කන්ට දෙන්ට...අපි මැරිලා මහන්සිවෙලා හවහට ගෙදර එනවා අපි ගෙදර එනකොට ගෙවල් වල ඉන්නේ පොඩි උන් විතරයි...අපේ ගෑණු වේසකමේ ගිහින් ඒ අපි දවල්ට සපත්තු මදින මහත්තුරු ගාවට....මොනව කොරන්ටද...අපි පිහදාන කුනු වලට සොච්චමක් දෙන මහත්තුරු අපේ ගෑණුන්ට හරි ඉහලින් සලකලා......එ මහත්තුරු නොදන්නව උනාට ඒ කන්නේ අපේ කුණුම තමයි....
(මේ කතාව මගෙ පේමන්ට් මිත්‍රයෙක්ගෙ සැබෑවක්..)

Sunday, January 8, 2012

අනේ අපොයි

එක් අතකින් ගිටාරුව රැගෙන....
හිතේ දරන් ඉන්නා එක ශ්‍රී මයිනරුව...
සතිපට්ටානය.......හිතේ කොනක රජ...
උජාරුවට හම්පඩ විප්ලවයක....
අනේ අපොයි විසිතුරු ගෑණූ...
අන්න බලවු මට හිනැහෙන අයුරූ...
තොපේ පෙම්වතුන් වගේ නොවෙයි මම....
මගේ විප්ලවය මගේ හිතේ වැඩ..........

Friday, January 6, 2012

දැක්කෙමි,දැණුනෙමි....

ජිවිතයම හිස් ගොඩක්...දකින දකින ඉසව් ශුන්ය භුමි...බොරලු ගොඩක් පාදා වැලි කැට සෙව්වෙමි...දැක්කෙමි,දැණුනෙමි..........
හිමියනි....ණුඹට දැණුන දෙ.....
ලව්කික බැදිම් අතහැරියෙ.....ලොකොත්තර නිවන දුටුවෙ....
සිතේ ඉම....දාරිතාව මනස..
මමද නිවන උදෙසා උම්ම්න්තක වමි....
ශුන්‍ය භුමි හදාරා...රාග,ද්වෙශ,මොහ වලදා...
මම නැති....මම නැත්තෙත් නැති...අදුරක් නැති ... එලියක් නැති...
ඉපදිමක් නැති..මිය යමක් නැති..
මහා නිර්වානය උදෙසා...දැස වසා ගමි....
සියලු ආශා තහනම් කොට...නැගිටිමි....
අනන්ත බුදු ගුණ බලය ආශිර්වාද වෙවා....
මෙ නිස්සාර විශ්ව දාතුවෙන් චුත වි...දුක කෙලවර කර...
අමා මහ නිවනින් සැනහිමට.....

එකියි මමයි..

''මම නාන්නෙ නෑ....ඇගට වතුර වැටෙද්දි සිතලට පිච්චිලා යනවා....එකියි මමයි දවසක් කුනු වෙලා වැටෙන ගැබ්බර වලාකුලක වතුර බිවා...එ මුසලී මාව එ වලාකුල යට තියල අව්වට දිව්වා කපු තුවායක් හොයාගෙන....එ වැස්සට පල් වෙලා කුනු ගද ගහන කානුවක් ලගට ගිහින් මම අපෙ චායාව හෙව්වා...මම දැක්කා කුනු වෙලා පල් වෙලා අපි එ කානුවෙ ගහගෙන යනවා..එත් තැන් දෙකකට...........''

.මන් කවුද...

ඇයි..මන් කවුද....මම දොට්ට දාපු හිගන්නෙක්.හුස්ම ගන්ට සිහියක් පතක් තිබුනෙ නැ..දවසම පිහිය මුවහත් කරා.මන් හරි ආදරෙන් උඹේ මිනිය එම්බාම් කරා...මන් හැමදාම උඹේ දිහා බලන් හිටියා..උඹ මන් දිහා බලල අහක බලා ගත්ත,.ඒ මම හිගන මිනි එම්බාම් කාරයෙක් නිසානෙ.අද උඹ හදිසියෙ මන් ගාවට ආව..එදා මට උඹ ගොඩාක් දුරින් පෙනුනට මම අද උඹව මහා ආදරේකින් අත ගැව..උඹ මැරිලා මිස්...කමක් නැ මෙ මොහොතෙ මන් උඹෙ ස්වාමියා...මන් උඹව පිස්සුවෙන් ඉම්බා...මන් උඹත් එක්ක නිදියැව්වා...මන් පවුඩර් සෙන්ට් දාල උඹව හැඩ කරා....මගෙ අතින්ම ලස්සන ඇදුමක් ඇන්දුවා..උඹේ ලස්සන ගොඩක් වෙලාබලන් හිටියා..උඹ මටම අයිති උනා මිස්...මන් උඹට ආදරෙයි මිස්..මන් උඹව එම්බාම් කරා....

හරි කපටියා ...

උපත් පාලක රබර් සෙරෙප්පුව...ඔයා බයයි නේද මම පොලවත් එක්ක සෙට් වෙයි කියලා.....හහහ්...ඔයා හරි කපටියා මට නිදහසේ ඉන්ට දෙන්නෙම නෑ...ඔයා දන්නවා මම පොලොවෙ පය ගැහුවොත් බබා තමා කියලා....

ලග සිටි ව්නාඩියක්...

නතර උන තප්පරයක්...
පෙරලා පැණ ගවුවක්...
ඇගවිය මාරුතයක්...
ඇසිපිය නිමෙශයක්...
ලග සිටි ව්නාඩියක්...
ඉල්ලිය තප්පරයක්...
පසුපස හිස් වු...
තප්පර පනස් නවයක්....
හුස්ම ගිල්ලෙය උනුසුමක්...
කුහුඹුවකු ගිය අඩියක්...
කාචයක් දුටුවත්....
පොලොව යටින් ගිය....
ලොදිය කහනුවක්....
හිඩැස් හිස් තැන් පිරවිය පිපිරිමක්...
නුවරත් නැත නුඹත්...
නැත නුඹත් ඇත...
විසිරුනු සිතුවිලිත්..
මතකයත් අතර....
මගේ ප්‍රේමයේ වර්ණය........... 
මහ විකාරයකි නුඹ, 
මහ මල ගමකි නුඹ,
මහ නියගයකි,ඉඩොරයකි...
මල් නොව තරු නොව...නුඹ දුටු විට සිහියට එනුයේ....
සොහොන්,මුඩු බිම්...පාලුවට ගිය දේ පමනකි....
නුඹ එතරම් මූසලයි.....
නමුත් ඔඹේ හිස් තැන් අග....මම...
මම ආදරෙයි...
හැම අවුලක්ම සමාජ ගත කර යුතුයි....පිලිතුරු අතිශය නිරවුල් විම කිසිවෙකුට නැවතිය නොහැක....

පන දෙන්න...

වැලද ගන්න සුලග....
ගන්දබ්බයෙකු සමග හාද වෙන්න...
මග නොදත් ශුක්ක්‍රානු අන්ශුවක්...
විකල්පයක් නෑ...
සුලගේ පාවී විත්...ගැබ් ගන්න...
දරු පාලු වී ගිය මගේ කුසේ...
සිර මැදිරි තුල....කදවුරු තුල....
අකාලයේ මියදෙනා ශුක්ක්‍රානු බිදු..
රැගෙන විත්....පන දෙන්න...
මුඩු වි ගිය මගේ කුසේ..
දරු පැටවෙක් උපද්දන්න...

Thursday, January 5, 2012




උඹේ හ්ම්....උස් සුසුම් ලග කුඩු වූ...

අවාරයට හද පායා....

සුදට වැටෙන හද කෑලි අතර

අතරමන් වෙන්න.. හුස්ම ගන්න.. හිරි වැටෙන්න

ඈත නොබල ලග බලන්න...

මන් බලන් ඉන්නේ එන්න.....

ඔබත් එහෙමද??

මම මාව සමරණ හිතුවක්කාර කුනුහරුප....

ඇස් දෙකට තනි රකින හෙළුවැලි චිත්ත රූප....


වමනෙ කරන පිටු අතර මගේ වචන...


සත්‍ය අසබ්‍ය මගේ භාවිතය...


මට කියන්ට  ඔබත් එහෙමද....................?

ප්‍රේමය යනු..

ප්‍රේමය යනු කර්මාන්ත ශාලා තුල නිපදවන ප්ලාස්ටික් බොනික්කන් වැනිය...


පාලකයා විසින් තමන්ට සිතුනු විට අත් ගැලවිය හැකි ආකාරයටත්,පා ගැලවිය හැකි ආකාරයටත්....


කොටින්ම කියොතොත් හිස පවා ගැලවිය හැකිආකාරයට එය නිපදවයි.......

වෙනස් වීම්

හිත ඇතුලෙන් සිගරට් එකට ආදරේ කරන ගමන් වචනෙට ඒකිට ආදරෙයි කීව.


මේ වැස්සට ඒකි මන් ලග නෑ..


ඒත්....    මගේ ඇගිලි දෙකේ මන් හැමදාම ආදරේ කරපු ලව් නොකරපු සිගරට් එක තියනවා...


ජීවිතේ මාරයි.
වෙනස් වීම් එහෙමයි.


අපි ආදරේ කරන්ට ඔන හිත් නැති මුල ඉදන් අපේ කරගන්ට පුලුවන් ඒවට.


ඒවා වෙනස් වෙන් නෑ.....    හැමදාම එහෙම ඉදියි..       


හැබැයි ,,,,      ඒවට ලව් නොකර ආදරේ කරන්ට.
පපු සාක්කියට කොන්ක්‍රීට් දාපු වේස ගෑණු...

අනුකම්පා කරපන් සුලු මුදලකට...

ආදරණීය අතවරයකට ඉඩදියන් පොඩි එවුන්ට...

හය හතර නොදත් අහින්සකයින්ට...

මන් දැක්කා පොඩි එකෙක් පැටලුනා...

ගෙවයි පන්චායුධ උකස් කර..

අභිනව අත්දැකීමට හෙට බිහිවන නව ලොවට.......

ජීවිතේ සදාතනික සරසවිය..





මම පෙරේතයෙක් මම පෙරේතයි මේ ටවුන් එක අත අරින්ට...
මගේ ජීවිතේ සදාතනික සරසවිය..
මගේ හැදෑරීම.. මගේ මත කාට උඹව දාල යන්ට පුලුවන් උනත් මැරෙනකන් මම ආදරෙයි.. 
වැදගත් කම් උකස් කරපු රස්තියාදු කාර ඔටුන්න පලන්දපු සාමජ උපාධිය සහතික නැතුව මට දීපු රත්තරන් ගම්පොල ටවුන් එක...
මන් ආදරෙයි... මගේ හැම දේම දන්න එකම තැන..
අපි හැමදාම පාර දිහා බලන් ඉමු..







ජීවත් වෙනවා...
අකුණුත් එක්ක මිනිස්සු...
ලස්සන බල බලා...
මැරි මැරී............ම්හ්.
හැම රෑකම...
මත් වෙන්ටම බොන්නන් සිහිය මැරෙන්ට
බේබද්දෙක් වෙන්නන් තොගෙ මතකෙ මරන්ට....
සල්ලාලයෙක් වෙන්නන් තොගෙ අඩුව මැකෙන්ට...
ඒත් හැම උදේකම....
ආයෙත් උඹ..

මලේ අදුර උරනා... මී මැස්සී.

අපි කවුද උඹ දන්නවද..




තනි රකින්ට මල් මොකට..


ගී ගයන්ට විහගුන් කොහෙද..



මලේ අදුර උරනා... මී මැස්සී..


හෙමින් හෙමින් පිබිදෙන්ට..


මල් සැහැල්ලුවෙන් ය වෙන්ට..




මී මැස්සී මියදෙන්ට...



හිගන්නන්ගෙ මල් බර වෙන්ට..



මලේ අදුර උරනා... මී මැස්සී..

කැමති නම් ජීවත් වෙන්ට..

කැලෑවක් වගේ ජීවිතයක්,

දූවිල්ලක් වගේ හුස්මක්,

වීදුරුවක් වගේ පපුවක්,

සොහොනක් වගේ හිතක්,

කැමති නම් ජීවත් වෙන්ට,

මූසල ගෑනියෙකුට තැනක්..

ඇති නැති උන්ට ජය වෙවා!!

අපේ ලොකේ...
අක්‍රමනය කරලා...

නැතිම එකාට තියන එකා මොනම දෙයක් හරි දෙනවා...


තියන එකාට වැඩි වැඩියෙන් ලැබෙනවා...


මැද ඉන්න අපි...   පවු ඔයි අපි....


උදේට තේ එකත් එක්ක හින බීලා පට්ට රෑ වෙලා බොල් හීන මතක්කරගෙන නිදා ගන්නවා.....


හම ගැහිච්ච පර්ස් එක බැලුවා, රුපියල් දෙකේ කාසියක් විතරක් හිනා වෙන්වා......
ඇති නැති උන්ට ජය වෙවා!!
හැරිල බැලුවට පෙනෙන් නැති...

මතකයක මුලක් නැති...

වල් වැදුනු තැනි තලාවක.....

නාදුනන හාදු කුනාටුවක....

මට තේරුනු විදියට....

මමත් උඹව ඉම්බා....

වහගනිල්ලා ජීවිත වැසිකිලියෙ දොර..

හැම ජීවිතයක්ම උඩින් ලස්සනට ටයිල්ස් අල්ලලා ලස්සන කරල තියන වැසිකිලියක් වගේ.....


දොර වහගත්ත ගමන් ලස්සන නාහෙට දැනෙනවා...


එබිලා බලපල්ලා ජීවිත ඇතුලට වහගනිල්ලා ජීවිත වැසිකිලියෙ දොර...
හිතහල්ලා තමන් ගැනම.....


කියපල්ලා බොරුද?..

හීන

හීන කියන්නේ මර උගුල්...
මැරෙන්ට බලාගෙන හීන දිගේ ඇවිදින්ට ඔන..
ඇත්තටම ජීවිතේ රහයි....
ඒ අපි කාලකණි උනාම.....
හීන වලට අපිව හීනයක් කරගන්ට අත් වල ඔරලොසු ගලවපල්ලා...
එවා අත්වල තිබ්බට අපිට ඔන වෙලාවට ඔන දේ එන් නෑ....
වරෙල්ලා...
දැකපල්ලා කාලකන්නිකමේ ලස්සන.....

Sunday, January 1, 2012

නඩුකාරි

සුසුමේ ඇති හුස්ම උඹ යැයි මැවෙනවා...
නඩුකාරිය මම උඹෙ දෙතොල් ඉබිනවා..
එන සසරක උඹෙ සාරියෙ...
නුලක්වත් වෙන්ට පතනවා..
ඒ සාරිය උඹෙ දැවටෙනකොට...
මමත් විදිනවා..
මගෙ ප්‍රේමිය මගෙ ප්‍රාණය මට අච්චු කරන්ට...
උඹෙ දඩුවම මගෙ පැතුම ඉශ්ට කරන්ට...
ඔය මෙසෙ උඩට තලනා මිටියෙන් මගෙ පපුවටත් තලන්න...
උසාවියක් වගේ පපුව නිශ්ශබ්ද කරන්ට